BREAKING NEWS
Search

තවත් බිල්ලක්…තරුණයින් දෙදෙනෙක්ව පැහැරගෙන ගිහින් වෙඩිතියලා – සිද්ධිය වූ ස්ථානයේ දර්ශන මෙන්න

680

ඒ තවත් එක් බිහිසුණු කතාවක්.. මේ තරුණයින්ගේ ජීවිත උදුරාගත්තේ කවුද..?

මේ අන්න ඒ ගැන ඇසෙන වෙනස් කතාවක්..

කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට කහවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා..

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා පලන්සූරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක අයෙකු බවද පොලිසිය සඳහන් කළා..

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා යායින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක අයෙකු බවයි පොලිසිය පවසන්නේ..

මෙම තරුණයින් දෙදෙනා සිය නිවසේ සිටියදී ජිප් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් ඇන්දාන පාරේ කොස් කෑල්ල ලයිමට පහල පාලු ස්ථානයකදී වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කළා..

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ..

මේ අතර මියගිය තරුණයාගේ අතකට මාංචු දමා තිබූ බව අප වාර්තාකරු පැවසුවා..

මෙම ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *