BREAKING NEWS
Search

මාළුවාගේ හොට ඇනී ධීවරයා මරුට

2256

වාලච්චේන ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රවක ධිවරයකු මුහුද මැදදි මසුන් අල්ලමින් සිටියදි දැලට හසුවු කොප්පරු මාලුවකු ගොඩ ගැනිමට උත්සහ දරණ අවස්ථාවේදි ධිවරයා මාලුවා මතට වැටි මාළුවාගේ උල සහිත හොට බඩේ ඇනිමෙන් මියගොස් තිබේ.

පසුව එම යාත්‍රාවේ සිටි ධිවරයන් මේ පිලිබදව යාත්‍රාවේ අයිතිකරුට දැනුම් දිමෙන් පසුව යාත්‍රාවේ හිමිකරු මේ පිලිබදව වෙරළ ආරක්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත දැනුම් දි තිබේ.

පසුව වෙරළ ආරක්ෂණ නිළධාරින් මැදිහත්ව මියගිය අයගේ සිරුර වාලච්චේන ධිවර වරයා වෙත ගෙනැවිත් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වාලච්චේන අක්බාර් දයික්කා වීදිය, කෙන්මඩු පදිංචි මීරාමීරා ලෙබ්බේ සහබ්දින් නැමැති පුද්ගලයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *