BREAKING NEWS
Search

තංගල්ල යාත්‍රාව පෙරලී අතුරුදන්වූ එක් ධීවරයෙකුගේ මළ සිරුර සොයාගනී

105

තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ධීවරයින් 6 දෙනෙකු රැගත් “මැක්සිම් පුතා 1 “ නැමැති එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා ගොස් යලි ගොබිමට පැමිණෙමින් තිබියදී අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු සිට තිබු අතර ඉන් සිව්දෙනෙකු ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.

අනතුරෙන් අතුරුදන් වු අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *