BREAKING NEWS
Search

බේරුවලදී අතුරුදන්වූ ධීවරයින් දෙදෙනාගේ සිරුරු හමුවෙයි

338

කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරළී අතුරුදන්වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

එම ධීවරයින්ගේ සිරුරු බෙන්තොට වෙරළට ගොඩගසා සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (28) උදෑසන ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබියදී මෙම අනතුරට මුහුණ දී තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර යන අයය.

පළමුව ඔවුන් අතුරුදන්ව සිටි අතර ඔවුන් සොයා අවට පිරිස් විසින් බෝට්ටු යොදා ගනිමින් විමර්ශන ආරම්භ කර තිබූණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *