BREAKING NEWS
Search

කොණ්ඩ අජිත් සහ ජුන්ඩාගේ කෝටි 16ක දේපල වලට සිදු වූ දේ

251

බොරැල්ල සහ කඳාන ප්‍රදේශවල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදනෙකුට අයත් රුපියල් කෝටි 16ක දේපොළ නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මගින් පවරාගෙන ඇත.

කඳානේ කොණ්ඩ අජිත් නමැත්තාට සහ බොරැල්ලේ ජුන්ඩා යන අන්වර්ථ නාමවලින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දේපොළ මෙසේ පවරාගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

බොරැල්ලේ ජුන්ඩා නමැත්තාට අයත් සුවිසල් නිවාස 3ක්, සුඛෝපභෝගි මෝටර් රථ 2ක් මෙසේ පවරාගෙන ඇත. ඊට අමතරව කඳානේ කොණ්ඩ අජිත් නමැත්තාට අයත් රුපියල් කෝටි 6ක් වටිනා සුවිසල් නිවසක් රජයට පවරාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දීර්ඝ ලෙස කළ විමර්ශනයකින් අනතුරුව මෙම දේපොළ මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව හෙළි කර ගැනීමෙන් අනතුරුව ඒවා පවරා ගැනීමට කටයුතු කර ඇත.

බොරැල්ලේ ජුන්ඩා නමින් හඳුන්වන පුද්ගලයා මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර කඳානේ කොණ්ඩ අජිත් ඩුබායි රාජ්‍යයට ගොස් සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බව පොලිසිය පවසයි.

මෙම දේපොළ පවරා ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර රාජසන්තක කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු පවසති.

හේමන්ත රන්දුණු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *