BREAKING NEWS
Search

ඉන්ධන බවුසරයක් මහපාරේ පෙරළී යයි. ඉන්ධන රැස් කරන්න ජනතාව පොරකයි

30

කිලිනොච්චිය පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේදී අද (27) අලුයම් කාලයේදී ඉන්ධන බවුසරයක් පෙරළීම හේතුවෙන් එහි රැගෙන ගිය ඉන්ධන විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

මෙම ඉන්ධන බවුසරය මුතුරාජවෙල සිට කිලිනොච්චිය හරහා පුනරීන් මර්ගයේ යපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ අවස්ථාවේදී අද (27) අලුයම් කලයේදී මෙලෙස පෙරලී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන්ධන බවුසරය පෙරලීම හේතුවෙන් එහි රියදුරුට සුලු තුවාල සිදුවී ඇති අතර බවුසරයටද දැඩි හානි සිදුව ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් ඉන්ධන බවුසරය පෙරළීම හේතුවෙන් එහි රැගෙන යමින් තිබූ ඉන්ධන තොග විශාල ප්‍රමාණයක් ඉවතට ගොස් විනාශ වී ඇති අතර, අද (27) උදෑසන කාලයේදී ප්‍රදේශවාසී ජනතාව විසින් කාන්දු වූ ඉන්ධන තොග රැස් කොට රැගෙන යාමටද පියවර ගෙන තිබූ බවද අප වාර්තාකරු සඳහන් කළා.

ඉන්ධන බවුසරය පෙරලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙලෙස පෙරලී යන්නට ඇතැයි පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය සැක පළකරනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *