BREAKING NEWS
Search

දුම්රියක් පීලි පනී – දුම්රිය ධාවනයට බාධා

755

රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ලවී තිබේ.

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධා එල්ලවී ඇති අතර බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකරන බවද දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණ ද ඒ් සඳහා තවත් වේලාවක් ගතවෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *