BREAKING NEWS
Search

ලබන 30වනදා සිට සතියක් පුරා වෙන්න යන දේ…

1447
ලබන 30 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

මෙම වසර ආර­ම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසා­දි­ත­යන් 27,932ක් සහ ඩෙංගු මරණ 16ක් වාර්තා වෙනවා.

වසරේ ආර­ම්භයේ සිට මේ දක්වා මදු­රු­වන් බෝ විය හැකි අව­දා­නම් පරිශ්‍ර 179,026ක් පරී­ක්ෂා­වට ලක් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන මහතා සදහන් කළා.

නිවාස 167,081ක්, පාසල් 317ක්, සෙසු අධ්‍යා­පන ආය­තන 386ක්, රජයේ ආය­තන 927ක්, පෞද්ග­ලික ආය­තන 6935ක්, කර්මාන්ත ශාලා පරිශ්‍ර 271ක්, ඉදි­කි­රීම් ස්ථාන 930ක්, ආග­මික ස්ථාන 657ක් සහ පොදු ස්ථාන 320ක් මෙසේ පරී­ක්ෂා­වට ලක්ව තිබේ.

මදු­රු­වන් බෝවීමේ අව­දා­න­මක් ඇති බවට පරී­ක්ෂා­වට ලක් කළ නිවාස 167,081 අත­රින් සිය­යට 23ක මදු­රු­වන් බෝ විය හැකි ස්ථාන හඳු­නා­ගත් බවත්, පාසල් 317න් 168ක්, අනෙ­කුත් අධ්‍යා­පන ආය­තන 386න් සිය­යට 28ක්, ආග­මික ස්ථාන 657න් සිය­යට 40ක්, ඉදි­කි­රීම් හා කර්මා­න්ත­ශාලා ආශ්‍රි­තව සිය­යට 50ක මදු­රු­වන් බෝ විය හැකි ස්ථාන හඳු­නා­ගෙන තිබෙන බව ද ඔහු සදහන් කරනවා.

පරී­ක්ෂා­වට ලක් කළ පරිශ්‍ර අත­රින් නිවාස සිය­යට 4.1ක, පාසල් සිය­යට 17.5ක, රජයේ පරිශ්‍ර 10.1ක, කර්මා­න්ත­ශාලා හා ඉදි­කි­රීම් ආය­ත­න­වල සිය­යට 15ක, ආග­මික ස්ථාන සිය­යට 13ක මදුරු කීට­යන් සිටි බවට හඳු­නා­ගෙන තිබේ.

එබැ­වින් මේ මස 30 වැනිදා සිට ජූලි මස 05 වැනිදා දක්වා යෙදී ඇති ජාතික මදුරු මර්දන සතිය තුළදී සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කොට්ඨාස 111ක් මුල් කර ගනි­මින් වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කරන බව යි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල්වරයා පවසන්නේ.

මෙම සතිය තුළදී දින­කට කණ්ඩා­යම් 1100ක් බැගින් පරී­ක්ෂා­වට යොද­වන බවත්, එක් කණ්ඩා­ය­මක සෞඛ්‍ය නිල­ධා­රි­යකු, පොලිස් නිල­ධා­රි­යකු, ත්‍රිවිධ හමුදා නිල­ධා­රි­යකු ලෙස නිල­ධා­රීන් තිදෙ­න­කු­ගෙන් යුක්ත බවත් ඔහු සදහන් කළා.

මෙම මදුරු මර්දන සතිය අදි­යර දෙක­කින් ක්‍රියා­ත්මක කරනු ලබයි. පළමු අදි­යර යටතේ මේ මස 30 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා කොළඹ, රත්න­පුර, ත්‍රිකු­ණා­ම­ලය, මාතලේ, බදුල්ල, මොන­රා­ගල, ගාල්ල, කල්මුණේ, කළු­තර දිස්ත්‍රි­ක්ක­යන්හි මර්දන වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නංවනු ලැබේ.

මහ­නු­වර, කුරු­ණෑ­ගල, ගම්පහ, කෑගල්ල, යාප­නය, මඩ­ක­ල­පුව, මාතර දිස්ත්‍රි­ක්ක­යන්හි සහ කොළඹ මහ­න­ගර සභා සීමාව තුළ ජූලි මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා කාලය තුළ දෙවැනි අදි­යර ලෙසත් මෙම මර්දන වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නංවයි.

සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය, ස්වේච්ඡා සංවි­ධාන, ජන­තාව යනාදි සිය­ලු­දෙනා එක්ව මෙම මර්දන වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නංවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සති­ය­කට වර­ක්වත් ජන­තාව තමා ජීවත් වන අවට පරි­ස­රය මදු­රු­වන්ට බෝ විය නොහැකි ලෙස පිරි­සු­දුව පව­ත්වා­ගෙන යන්නේ නම් ඩෙංගු සහ චිකු­න්ගුන්යා රෝගීන් වාර්තා වීම අවම කර­ගත හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *