BREAKING NEWS
Search

මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් 12ක් මරුට – 20කට තුවාල

282

මෙක්සිකෝවේ ගුවානාජුආටෝ ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙක්සිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *