BREAKING NEWS
Search

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රිකම රනිල්ට

119

එක්සත් ජාතික පක්‍ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මෙම ජුනි මස තුළදීම යෝජනා කර යැවීමට ඊයේ ‘සිරිකොත’ පක්‍ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත්වූ යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසිනි. ස්ථිර කළේ ආනන්ද කුලරත්න මහතාය. දයා පැල්පොල, ජනාධිපති නීතිඥ රොනාල්ඩ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු රැස්වීමට සහභාගි වී සිටි සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහතා වහාම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය භාරගත යුතු බව ප්‍රකාශ කළහ.

මේ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රිධුරවලින් ඉවත් කරන ලද මන්ත්‍රිවරුන් වෙනුවට අලුත් පිරිසකගේ නම් අනුමත කර එම ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් වෙත යැවීමටද මෙහිදී තීරණය විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *