BREAKING NEWS
Search

අනේ දෙයියනේ මොන නරුමයෙක්ද මේ…. ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක්ට කල අපරාධය – සංවේදී දර්ශන සහිතයි [VIDEO]

1986

මොස්කව්හි ෂෙරෙමෙටෙවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී කුඩා දරුවෙක්ට එරෙහිව සිදුකර තිබෙන අයුක්තික සහගත ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

ඒ පුද්ගලයෙක් විසින් කුඩා දරුවෙක් ප්‍රචණ්ඩ ලෙස බිම හෙළන ලද සිද්ධියක් සම්බන්ධවයි.

ව්ලැඩිමීර් විට්කොව් ලෙස හඳුනාගත් පුද්ගලයෙක් විසින් මෙසේ කුඩා දරුවා ප්‍රචණ්ඩ ලෙස බිම හෙළා ඇති බව සඳහන්.

සිද්ධි‍යෙන් පසු කුඩා පිරිමි ළමයා මේ වන විටත් කෝමා තත්ත්වයේ පසුවන බව සඳහන්.

ඉරානයෙන් පැමිණි සරණාගතයෙක් යැයි සැලකෙන මෙම දරුවාට හිස් කබලේ අස්ථි බිඳීම් සහ කොඳු ඇට පෙළට හානි ඇතුළු බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් වාර්තා කර ඇත්තේ කුඩා දරුවා මොළයේ කම්පනයකින් බරපතළ තත්ත්වයේ පසුවන බවත් සුවය ලැබීම අවිනිශ්චිත බවත්ය.

අපරාධය සිදු කළ සැකකරු බෙලරුස් ජාතිකයෙක් වන අතර ඔහු අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූවෙක් බව සඳහන්.

කෙසේ වෙතත් මේ වන විටත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *