BREAKING NEWS
Search

මගේ වෙඩින් එක දවසේ තමයි නිළි රැජිනියගේ අභාවය සිද්ධ වුණෙත්. වෙඩින් එක සැලසුම් කරලා තිබුණ නිසා නවත්වන්න අපට පුළුවන්කමක් තිබුණේ නෑ

401
ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වුණු තරු මංගල්යය තමයි ජනප්රිය නිළි හේෂානි ලියදිපිටගේ විවාහ මංගල උත්සවය.
ඇයගේ විවාහ මංගල්ය සිද්ධ වෙන්නෙත්, ලාංකේය සිනමාවේ යළි පිරවිය නොහැකි හිස්තැනක් තබා හෙළ සිනමාවේ නිළි රැජින මාලිනි ෆොන්සේකා මහත්මියගේ අභාවය සිද්ධ වෙන්නෙත් එකම දවසක.
ඒ නිසාම බොහෝදෙනෙක්ට හේෂානිගේ විවාහ මංගල උත්සවයට සහභාගී වෙන්නත් හැකියාවක් ලැබිලා තිබුණෙ නෑ.
මේ ගැන හේෂානි කියලා තිබුණේ මෙහෙම කතාවක්…..
”ක්ෂේත්රයේ අති දැවැන්තයින් බොහෝදෙනෙක් එකට එකතු කරගෙනයි මම මගේ ලස්සනම දවස සැමරුවේ. ඒ හැමෝම මට ආදරෙන් සුබ පැතුවා.
ඒ වුණත් මගේ වෙඩින් එක දවසේ තමයි අපේ නිළි රැජිනියගේ අභාවය සිද්ධ වුණෙත්. එතනදී මම ඇත්තටම හදවතින්ම දුක්වුණා. ඒ වුණත් වෙඩින් එක සැලසුම් කරලා තිබුණ නිසා ඒ වැඩ කටයුතු නවත්වන්න අපට පුළුවන්කමක් තිබුණේ නෑ.
මම ඇයගේ වියෝව පිළිබඳව අවංකවම මගේ කණගාටුව ප්රකාශ කරනවා. ඒ හේතුව නිසා බොහෝදෙනෙක්ට විවාහ මංගල උත්සවයට සම්බන්ධ වෙන්න වුණේ නෑ.
අපි හිතුවේ නැති දේවල් වුණත් මගේ හිතේ තිබුණු විදිහට එදා දවස හොඳ විදිහකට අවසන් කරන්න පුළුවන් වුණා. හැමදේම හොඳට වුණා කියලා වෙඩින් එකට සහභාගි වුණු හැමෝම කිව්වා. කොතැනකවත් පුංචි අඩුපාඩුවක් හිත් රිදීමක් තිබුණේ නැහැ කියලයි ඒ අය කියන්නෙ”
උපුටාගැනීම : පිනිපලස



Leave a Reply

Your email address will not be published. Required fields are marked *