මුහුදෙන් ගොඩ ගසාගෙන ආ මේ අත්භූත වස්තුව මොකක්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක වෙනස් කතාවක්..
මේ කතාව ඇසෙන්නේ මොරටුව ප්‍රදේශයෙන්..
මොරටුව කොරලවැල්ල ශ්‍රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබු යම්කිසි උපකරණයක කොටසක් ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් ගොඩබිමට ගත් බව මොරටුව පොලිසිය පවසනවා..
වෘත්තාකාර හැඩයෙන් යුත් එම උපකරණයේ මැද කුඩා සර්කිට් එකක් දක්නට ලැබෙන අතර ජංගම දුරකථන හා සමාන කුඩා සූර්ය පැනල හතරක් දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කරනවා..
තවමත් හඳුනා නොගත් මේ කිසියම් උපකරණයකට සවිකර තිබී ගැලවී යාමෙන් අනතුරුව මුහුදේ පාවෙන්නට ඇතැයි පොලිසිය සැක කරනවා..



















