වෙඩි වැදුණු බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් මිද්දෙණිය පොලිස් වසමේ තෝර කොළයාය තේක්ක රක්ෂිතයේ තිබී හමු වූ බව මිද්දෙණිය පොලිසිය පවසයි.
මියගිය අය අවුරුදු තිහත් තිස්පහත් අතර පසු වන පිරිමි පුද්ගලයන් දෙදෙනකු බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් තිබේ. ඊයේ (24) රාත්‍රි යතුරුපැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි .

( ඡායා -පද්මසිරි ගාර්දියවසම් )



















