BREAKING NEWS
Search

හිටපු නගරාධිපතිවරයෙකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට

244

කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයිි.

එම සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය හා ව්‍යාජ හැඳුනුම්පතද පොලිස් භාරයට ගෙන ඇත.

ව්‍යාපාරිකයකු වන එම පුද්ගලයා සතුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව    ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය  වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමේදී  ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගෙන 2014 වසරේ සිට 2019 වසර දක්වා  කොරියා රටට පිටත්ව ගිය බවට අනාවරණය වු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම දිනවල විදේශගතවීම සඳහා  වයස ප්‍රමාණවත් නොවීම හේතුවෙන්  කැස්බෑව ප්‍රදේශයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිටපු සම්බන්ධ කරන ලේකම්වරයෙකු  තම සහෝදරියගේ උපන් වර්ෂයේ යොදා ජාතික හැඳුනුම් පතක් ව්‍යාජ ලෙස සකසා එකී උපන්දිනයට ගුවන් ගමන් බලපත්‍රයක් සාදා තමන් වෙත ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසියෙක් සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි  පුද්ගලයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *