BREAKING NEWS
Search

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් අත්හිටුවයි

271

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර කටාර්හි පිහිටා ඇත.

රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අමෙරිකානු පුරවැසියන් 8,000 ක් පමණ එහි වාසය කරති.

ඒ අනුව, කටාර්හි සිටින අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.

එලෙස ඔවුන්ට දැනුම්දී ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසය.

කටාර්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අන්තර්ජාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එක්සත් රාජධානියේ රජය සඳහන් කරන්නේ, අමෙරිකා එක්සත් ජනපද විසින්කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන් තමද  කටාර්හි සිටින තම පුරවැසියන්ට අනතුරු ඇඟවීම නිකුත් කළ බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *