එංගලන්තයේ පෝලෝ ක්‍රීඩාවේ නිරත වී සිටියදී හදිසි හෘදයාබාධයකින් ඔහු මිය ගියා.. ඔහුගේ මරණින් පසුව කරිෂ්මාට කෝටි ගණනක දේපළ හිමිව ඇති බවයි වාර්තා වෙන්නේ.ජනප්‍රිය බොලිවුඩ් නිලි කරිෂ්මටත් දරුවන් දෙදෙනාටත් ඔහුගේ මරණින් පස්සේ ලැබුණු දේවල් ගැන සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා…
ඔහුගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් (ඉන්දියානු රුපියල් කෝටි 10,300ක් පමණ) (ශ්‍රී ලංකා රුපියල් කෝටි 35,900) ලෙස ඇස්තමේන්තු කර තිබෙනවාලු…
සංජේ කපූර් ප්‍රධාන වශයෙන් Sona Comstar නම් සමාගමේ හිමිකරු ලෙසයි ලෝකයේ ප්‍රකටව හිටියේ…
සංජේ කපූර්ගේ පියාගේ මුම්බායි නිවස කරිෂ්මා කපූර්ගේ නමට පවරා ඇති බවත් වාර්තා වෙනවා.
විසි හැවිරිදි සමේරා සහ දා හතර හැවිරිදි කියාන් යන දරුවන් හට සමාන ලෙස මාසිකව ඉන්දියානු රුපියල් කෝටි ගණනක මුදලක් ලැබීමට සියලු වැඩකටයුතුයි සකසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.



















