BREAKING NEWS
Search

පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් අනතුරට

254

නුවරඑළියේ සිට නානුඔය දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ත්‍රීරෝද රථයක් අද (23) අනතුරට පත් වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගය අසළදීයි.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදී ත්‍රීරෝද රථය ලිස්සා ගොස් මාර්ගය අභියස පිහිටි කොන්ක්‍රීට් බැම්මේ වැදී මෙම අනතුර සිදු වී ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරනවා.
අනතුරි පාසල් ළමුන් තිදෙනාට හෝ රියදුරාට කිසිදු අනතුරක් සිදු වී නොමැති වූවත්, ත්‍රීරෝද රථයට දැඩි අලාභ ලෙස හානි සිදු වී තිබෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින අයහපත් කාළගුණ තත්ත්වය සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් විය යුතු බව නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *