BREAKING NEWS
Search

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි

132

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස ජූනි 30 වැනි සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලි‍මේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ  ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ද මහලේකම්වරිය සඳහන් කළාය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30 වැනිදා පෙ.ව 9.30ට කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *