BREAKING NEWS
Search

රට වැටෙන බව කලින් දැනගෙන හිටියා අහන්න හිටියේ බිරිඳ විතරයි

346

රට වැටෙන බව අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කවුරුවත් නොසිටි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ(18)පැවසීය. ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසූයේ ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමිනි.

ඒ මානසික පීඩනය තවමත් දැනෙන බව කී සිරිවර්ධන මහතා තමන් පැවසූ දේවල් මුදල් මණ්ඩලයේ හෝ වෙනත් කිසි කෙනෙක් ගණන් නොගත් බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයේදී මහින්ද සිරිවර්ධන මහතා මෙසේද කීය.

“අප්‍රේල් 8 වෙනිදා මම වැඩ බාර ගත්ත දවසේ නෙමෙයි,මේ රට වැටෙන බව මම අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා.මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ.මම ගවනර්ට කිව්වා.ගෙදර ගිහිල්ලා මම හැමදාම කිව්වෙ මගේ බිරිදට.ඒ මානසික පීඩනය තාමත් මට දැනෙනවා.

මේ අර්බුදය සමග මා අවුරුදු පහක් දුක් වින්ද මනුස්සයෙක්.මම මේක දැනගෙන හිටියා .ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ .මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ.මුදල් මණ්ඩලයේ ගණන් ගත්තෙත් නෑ. ඒ දවස්වල හිටපු අධිපතිවරු ගණන් ගත්තෙත් නෑ.මේ තත්ත්වය එනවා කියලා සක්සුදක් සේ පැහැදිලි වුණා.නමුත් ඒ අනතුරු ඇඟවීම් වලට නිසි අවධානයක් යොමුවුණේ නෑ.මේ අර්බුදයේ 2020 සිට අද වනතුරු ඉන්න එකම ජ්‍යෙෂ්ඨයා මම වෙන්න පුළුවන්.ඒ අත්දැකීම් වලින් තමයි මම මේ ඉතා වගකීමෙන් කියන්නේ යනුවෙන්ද මහින්ද සිරිවර්ධන මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *