BREAKING NEWS
Search

සභාපති තෝරන්න කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සජබ – සජබ මන්ත්‍රීවරු ගුටි කෙළියක – වීඩියෝ

377

සියයට 50ක පැහැදිලි ජයක් නොලද කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතා නව සභාපතිවරයා ලෙස තේරි පත්විය.

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ සභාපති හා උප සභාපති වරයා තොරා පත්කර ගැනීම අද (18) කන්දකැටිය ප්‍රාදේශිය සභා ගර්භයේදි ඌව පළාත් පාළන කොමසාරිස් ඩී.එම්.එල්.හේමන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වරයා වසයෙන් ජාතික ජනබලවේගයෙන් ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතාගේ නම යෝජනාවු අතර සමගි ජන බල වේගයෙන් එම්.ප්‍රියන්ත ඉන්ද්‍රජිත් මහතාගේ සහ සමගි ජන බලවේගයේම එන්.එම්.විජේපාල මහතාගේ නමද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් යොජනා කරනු ලැබීය.

එහිදි පැවැති රහස් ඡන්දයෙන් ජාතික ජනබලවේගයෙන් ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතා සභාපති ලෙස තේරි පත්විය.

සභාපති සහ උපසභපති තොරා පත්කර ගැනිමේන් අනතුර සභා ගර්භයෙන් ඒලියට පැමිණි සමගි ජනබලවේගයේ සභපති අපෙක්ෂකයන් දෙදෙනා අතර සහ සංවිධායක කමල් රාජපක්ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් දිගදුර ගොස් ගුටිබැට හුවමරුවක්ද සිදු‌විමත් සමග සභා භුමිය උණුසුම් වු අතර කන්දකැටිය පොලිසිය මැදිහත්වි කළහ කාරි ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරිමට කටයුතු කරණ ලදි .

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *