සැවොම මවිත කරමින් සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළියක් දිවයිනට

265

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත  ” ද කේජ්ඩ් බර්ඩ් ” ( The Caged Bird) නැමති චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිතය රගපෑමට , සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද (17) උදෑසන මෙරටට පැමිණ තිබුණි.

මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරයි.

ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජාත්‍යන්තර සිනමාකරණ හා ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” පර්යන්තය වෙත පැමිණියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *