BREAKING NEWS
Search

කල්පිටිය ප්‍රා සභාපතිට මැර ප්‍රහාරයක්

100

කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබු මෝටර් රථයකට මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයෙදී පිරිසක් ඊයේ (16 ) රාත්‍රියේ පහර දී වාහනයට බරපතල අලාභ හානි කර සභාපතිවරයාටද පහර දීමක් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජාතික ජන බල වේගය පක්ෂයෙන් මෙවර කල්පිටිය ප්‍රදේශීය සභාවට තේරී පත්වු අබ්‍දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ගමන් ගනිමින් තිබු මෝටර් රථයට බව කියයි.

සභාපතිවරයා තවත් කිප දෙනෙකු සමග ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ ආපසු නොරෝච්චෝලය  බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදි  එම නිවස ආසන්නයේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි.

ඔහු මේ පිළිබදව පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ. මෙම සිදුවීමෙන් පසු  ප්‍රදේශයෙ ආරක්ෂාව සදහා පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය යෙදවිමට කටයුතු කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *