BREAKING NEWS
Search

බඩ ඇවිත් ද? මෙහෙම කළොත් ඔය බඩ ලේසියෙන්ම බස්සගන්න පුළුවන්

1256

ලස්සනට ඉන්න හිතෙන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉස්සරහට බඩ නෙරා ඒම.

මේක පිරිමින්ට ලොකු ප්‍රශ්නයක් නොවුනට අපේ කාන්තා පාර්ශවය නම් මේ ගැන ගොඩක් හිතනවා.

ඒ නිසාම ඔවුන්ව ඉලක්ක කර ගෙන වෙළඳ පොළෙත් විවිධ දේ අලෙවි වෙනවා.

කොහොම වුණත් ලෝකේ කාගෙත් රූපයට බාධාවක් විදිහට සළකන බඩ ඉදිරියට නෙරා ඒම වළක්ව ගන්න අද වෙන කොට උදේ හවා කිලෝමීටර් ගණන් දුවලා නොයෙක් ව්‍යායාම කරලා බලන අයත් ඉන්නවා.

හැබැයි මේ ප්‍රශ්නෙට ව්‍යායාම විතරක් කරලා හරියන්නෙ නැහැ.

ඒ නිසාම තවත් සමහරු කෑම වර්ජනය කරනවා.

ඉතින් අද කියන්න යන්නේ ව්‍යායාම වලින් විතරක් විසඳ ගන්න බැරි බඩේ ප්‍රශ්නෙ විසඳ ගන්න පුළුවන් පුරුදු ටිකක්.

 දෙහි යුෂ වීදුරුවක් බීමෙන් දවස ආරම්භ කිරීම.

ඉදිරියට නෙරා ආ උදරය එහෙම නැත්තම් අඩු කර ගන්න පුළුවන් හොඳම පුරුද්දක් විදිහට මේ පියවර අනුගමනය කරන එක ගොඩක් වැදගත්.

උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන ඒකටම ලුණු ටිකකුත් එකතු කරගෙන පානය කළ යුතුයි.

මෙය දිනපතා සිදු කිරීමෙන් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වෙලා යනවා.

අමු සුදු ලූණු අනුභව කිරීම.

පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කරන්න කළින් අමු සුදු ලූණු ස්වල්පයක් හපන්න පුළුවන් නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා.

මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්යක්ෂම වෙනවා.

සුදු බත් ආහාරයෙන් වැළකීම

සුදු සහල්වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

සීනි සහිත ආහාර පාලනය

සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්ම අධික තෙල් සහිත ආහාරවලින් ද අවම වෙන්න ඕනේ.

එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.

හැකි පමණ ජලය පානය කිරීම

පුළුවන් තරම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.

මස් මාංශ අනුභවය හැකි පමණ අඩු කිරීම.

අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කිරීම අවශ්‍යයි.

 දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කිරීම.

මේ ආහාරවලින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, ඛනිජ සහ විටමින් වලින් පරිපූර්ණ කරනවා.

කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කිරීම.

කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභව කිරීමෙන් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට පුළුවන් වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *