BREAKING NEWS
Search

ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට රුපියල් 50,000ක් බැර කළ අයෙක්ට වෙච්ච දේ

1288

ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50,000ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) එම නියෝගය ලබා දි ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සැකකරු විසින් ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවය.

එම ඝාතනය සිදුවූ වකවානුවේ මෙම මුදල් තැන්පත් කිරීම් සිදුකර තිබෙන බවත් සැකකරුගේ ගිණුමට මෙම මුදල් මාර්ගගත ක්‍රමයට තැන්පත් කර තිබෙන බවත් පොලීසිය පැවසීය.

අදාළ සැකකරුට මෙම මුදල් ලැබුණේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දැයි සොයාබැලීම සඳහා විමර්ශන සිදුකරන බවත් එම විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *