BREAKING NEWS
Search

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නවතී

135

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වා දුනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා,

“විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට යන එක තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මේ පවතින තත්ත්වය එක්ක ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වේවී. විශේෂයෙන් ඊශ්‍රායල්වලත් ඉරාන්වලත් ඉන්න අපගේ ජනතාවට අපි කියන්න කැමතී තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න. අවශ්‍ය දුරකථ අංක අපි ලබාදීලා තියෙනවා. ගැටලුකාරී තත්ත්වයක් තියෙනවානම් අපි එක්ක ඒ සම්බන්ධය හදාගන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. අපේ ප්‍රමුඛත්වය අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *