BREAKING NEWS
Search

ඇය අහිංසකයි, එයාට මේක කරන්න බෑ – මධුසමයේදී මනමාලයාට හිතාගන්නවත් බැරි අපරාධයක් කල මනමාලිය

1364

මධුසමයේදී සැමියා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ ඉන්දීය මනාලියක එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ඊසානදිග කුඩා ප්‍රාන්තයක් වන මෙඝාලයා ප්‍රාන්තයට මධු සමයට ගිය ගමනේදී 25 හැවිරිදි සෝනම් රඝුවන්ෂි විසින් ඇගේ 30 හැවිරිදි සැමියා වන රාජා ඝාතනය කිරීම සඳහා ඝාතකයන් කුලියට ගෙන ඇතැයි පොලිසිය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

සෝනම්ගේ පියා වන දේව් සිං තම දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ “ඇය අහිංසකයි, එයාට මේක කරන්න බෑ” යනුවෙනි.

මෙම යුවළ මැයි 11 වැනිදා ඉන්දෝර්හිදී ඔවුන්ගේ පවුල් දෙකෙහිම ආශිර්වාද මැද පැවති මංගල උත්සවයකදී විවාහ වූහ.

“ඔවුන්ගේ විවාහය මාස හතරකට කලින් සැලසුම් කරලා තිබ්බේ. දෙන්නම හරිම සතුටින් හිටියේ. විවාහයට කලින් හෝ ඊට පස්සේ දෙන්නා අතර කිසිදු ආරවුලක් තිබ්බේ නෑ” රාජාගේ අනෙක් සහෝදරයා වන විපින් රඝුවංශි පවසයි.

මෙම යුවළ මැයි 20 වැනිදා මෙඝාලයා බලා පිටත්ව ගියහ. නමුත් ගමනෙන් දින හතරකට පසු ඔවුහු අතුරුදන් වූහ. සඳුදා උදෑසන මෙඝාලයා පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ඉදෂිෂා නොන්ග්‍රෑන්ග් පැවසුවේ මනාලිය එනම් සෝනම් උත්තර් ප්‍රදේශ්හි ගාසිපූර් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට භාර වූ බවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *