අන්තිමේ දරු දෙදෙනා අම්මයි තාත්තයි නැතුව තනි වුණා. සිය බිරිඳගේ අවසන් කැමැත්ත ඉටු කරන්න ආපු අර්ජුන් ගේ දුක්බරම ඉරණම් ගමන ඉන්දීය අහසේ ලියැවී තිබුණු හැටි…

2187
ඊයේ හරිම අවාසනාවන්ත පුවතක් අහන්න ලැබුණා…
ඒ ගුවන් අනතුර ගැන අනතුර ගැන කතා හුඟාක් ආරංචි වෙනවා… මේ කියන්න හදන්නෙත් ඒ වගේ දුක්බරම කතාවක්…

එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි 242 දෙනාගෙන් 241 දෙනෙකු අනතුරින් මිය ගිය බවයි ගුවන් සමාගම සඳහන් කර තිබුණා.. ජිවන ගමනින් සමු අරගෙන ගිය 241 දෙනෙක් ඉන්නවා.. ඒ හැමෝටම තමන්ට කියලා ජිවිතේ ගැන මොනතරම් හීන තියෙන්න ඇද්ද?

ජිවිතේ ගැන බලාපොරොත්තු මොනතරම් තියෙන්නේ ඇද්ද ?

ඒ හැමෝටම තමන්ගෙම කියලා පුංචි පුංචි පවුල් තියෙන්න ඇති..

ඒ හැමෝටම ජීවිතේ ආදරේ කරපු අය ඉන්න ඇති..

මේ බිහිසුණු ගුවන් අනතුරින් හුඟක් පවුල් වලට තමන්ගෙ සමීප අය අහිමිවෙලා තියෙනවා..

දෙමාපියන්ට දරුවෝ දරුවන්ට දෙමව්පියෝ, බිරිඳට සැමියා, සැමියාට බිරිඳ, යාළුවො, නෑදෑයෝ, මේ බිහිසුණු අනතුරෙන් සමුගෙන තියෙනවා.

මේ දුක්බර කතාව ලියවෙන්නෙත් අන්න ඒ වගේ සමු ගැනීමක් ගැන..

ඔහු අර්ජුන් පටෝලියා.

ඔහුට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.

සතියකට විතර කලින් අර්ජුන් පටෝලියාගේ ආදරණීය බිරිඳ ජීවිතක්ෂයට පත්වෙනවා.

ඇගේ අවසන් ඉල්ලීම වෙන්නේ ඇගේ භෂ්මාවශේෂ ඇය උපන් බිම වන ගුජරාටයේ අමේදි දිස්ත්‍රික්කයේ තැන්පත් කරන ලෙසයි.

තමන්ගේ ආදරණීය බිරිඳගේ මේ ඉල්ලීම ඉටුකරන්න අර්ජුන් ඉන්දියාවට එනවා.

ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න ගුජරාටියට ගිය මේ දෙදරු පියා, ආදරණීය බිරියගෙ ඥාතීන් හා එක්ව ඇගේ භෂ්මාවශේෂ තැන්පත් කරනවා.

දින කීපයකට පස්සේ ආපහු තමන්ගේ දරුවෝ දෙදෙනා එක්ක එකතු වෙන්න ලන්ඩනය බලා ගමන් කරන්න ඔහු අහමුදාබාද් ගුවන් තොටුපුළ වෙත ඊයේ දහවල් ආවා…

ඒ හිතේ තමන්ගෙ දරු පැටව් දෙන්න ගැන මහමෙරක් වගේ ආදරයක් රඳවගෙන.

හැබැයි ඔහුට ඒ සෙනෙහස පිරුණු හදවතින් තමන්ගේ දරු පැටව් දෙන්නව තුරුල් කරගන්න යන්න ලැබුණේ නැහැ..

මොකද අවාසනාවන්ත ලෙස ගුවන් යානය කඩා වැටුණා.

හීන සේරම ගිනි ගත්තා.

එක ඇසිල්ලකින් , අර අහිංසක දරු දෙදෙනාට තමන්ගේ තාත්තව නැති වුණා.

අම්මත් නැති ඒ දරුවෝ මේ දුක කොහොම දරා ගනීවිද ?

තවත් අවාසනාවන්ත හද දවන ඉරණම් කතාවක් ඊයේ කඩා වැටුණු යානයත් එක්ක ලියවී තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *