ලංකා ගුරු සංගම් සභාපතිට ගුරු සේවය තහනම් කරයි

635

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් මහතා විසින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කොට තිබේ.

උතුරු මැද පළාතේ වාහන කිහිපයක් ටෙන්ඩර් කොට අලෙවි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපවාහිනි නාලිකවකට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරිමේ චෝදනාවට වැඩ තහනම් කරන බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලංකා ගුරැ සංගමයේ සභාපතිවරයාට යවන ලද අංක එන්සිපි/සිඑම්/ඊඩියු/09/අනු/2025 හා 2025.06.06 දිනැති ලිපියේ සදහන්වේ.

එම ලිපියේ වැඩි දුරටත් මේසේද සදහන්ය. “ඔබ අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදි වෘත්තිය සමිති කටයුතු සදහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කර තිබියදි ඉන් පරිබාහිරව “අපි පුරවැසියෝ” සංවිධානයේ කැදවුම්කරැ ලෙස හදුන්වා දෙමින් මැයි මස 30 වැනි දින රැපවාහිනි නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *