BREAKING NEWS
Search

ලොකු පැටී අපරාධ රැසක් ගැන තොරතුරු වමාරයි

184

අපරාධ කල්ලි නායකයෙකු වන “ලොකු පැටී” සතුව තිබූ ගිනිඅවි හයෙන් දෙකක් සොයාගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට හැකිවී තිබේ.

ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමති අපරාධකරු ආරක්ෂක අංශ විසින් පසුගිය මැයි 4 වැනිදා බෙලරූස් රාජ්‍යයේ සිට දිවයිට රැගෙන ආවේය.

ඔහු සම්බන්ධයෙන් විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පැවරුණු අතර, ඒ අනුව සැකකරු දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම් මේ වනවිටත් සිදුකෙරේ.

ඒ අනුව, ඔහු විසින් සිදුකළ ඝාතන මෙන්ම ඔහු සතු ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට එම කොට්ඨාසය සමත්වී තිබේ.

2023 හා 2024 වසරවලදී ඔහුගේ මෙහෙයවීමෙන් කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයේ පුද්ගලයන් දෙදෙනෙකු අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවලදී ඝාතනය කර ඇති බව අනාවරණ වූ බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම ඇන්ටා නම් පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේදී ඝාතනය කිරීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වූ බවද ලොකු පැටී අනාවරණ කර ඇති බවද වාර්තා වේ.

රොටුඹ අමිල නම් අපරාධකරුගෙන් තමන් විවිධ අවස්ථාවලදී ගිනිඅවි ලබාගත් බවත්, ඒ අතර ටී-56 ගිනිඅවි තුනක් හා පිස්තෝල වර්ගයේ ගිනිඅවි 3ක් ඇති බවත් ඔහු පවසා තිබේ.

අදාළ පිස්තෝල තුනෙක් දෙකක් මේවන විටත් සොයාගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

මේ අතර කංජිපානි ඉම්රාන්ගෙන් ලබාගන්නා හෙරොයින් කිලෝ හතරක පමණ ප්‍රමාණයක් මාසයක් තුළ අලෙවි කරන බවත් ලොකු පැටී පොලීසිය හමුවේ පවසා තිබේ.

එමෙන්ම ඔහුගේ දේපළ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ලොකු පැටී සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *