BREAKING NEWS
Search

ආදරණීය ප්‍රින්ස් සමුගෙන වසර අටක්.. ඔහු ගැන දයාන් විතාන තැබූ සංවේදී සටහන මෙන්න

186

ආදරණීය ප්‍රින්ස් අපෙන් සමුගෙන අටවසරක් ……………………………

අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අටවසරකට පෙරාතුව අද වැනි දිනෙක අප අතරින් වියෝ විය.

2002 වසරේ මා ගායකයෙක් වන කල ඔහුගේ “සීගිරියේ කුරුටු ගීත………………..” ගීතය කෙතරම් ජනප්‍රිය වී ද යත් එම කැසට්පටය මිළදී ගැනීමට දිගු පෝලිම් පවා තිබු බව මතකය. අතිශයින් ජනප්‍රිය වූ රසික සිත් දිනාගත් සංවේදී ගායකයෙකු වුවද ඔහු අපෙන් බොහෝ වේලාසනම නික්ම යෑම කණගාටුවකි.

“සිටු කුමාරියක් දීගෙක යනවා……………”, “සඳ රේණු වෑහෙනා………..”, “වෙරළ කොණක හිඳ………….”, “සුදු මල් පොකුරක්………….”, “මා හඬවලා……….” සහ “ඔබ පෑ පෙම් සිනා………….” වැනි ඔහු ගැයූ අතිශය ජනාදර ගීත රාශියකි.

කලක් රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ සුව දුක් බැලීමට මා රෝහලට ගොස් ඔහු වඩාත් සුව අතට හැරෙමින් ඇති බව දන්වා සිටි මගේ මුහුණුපොතේ සටහනට ලැබුනු ප්‍රතිචාර ඉමහත් ය.කෙසේ හෝ ප්‍රින්ස් දැන් අප අතර නැත. වයස 47ක් වැනි කෙටි ආයු කාලයකින් ඔහු නික්ම යෑම කෙතරම් අභාග්‍යයක්දැයි සිතේ.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොයුරාට අමා මහ නිවන් සුව වැඩි ඈතක නොවේවායි පතමි !!!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *