23 හැවිරිදි තරුණයෙකුට මරු කැදවූ මත්පැන් සාදය

669

මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පිය පුතු දෙපළකට තවත් පිරිසක් විසින් කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී මෙම පහර දීම සිදුකර ඇති බවය.

පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මෙලෙස මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වයස අවුරුදු 51 ක් වන එම ප්‍රදේශයේම  පදිංචි පුද්ගලයෙකි.

පියාගේ සහෝදරයෙකු සමග පුද්ගලයෙකු මත්පැන් සාදයකදී ආරවුලක් ඇති කරගෙන එම ස්ථානයෙන් දෙපාර්ශවයම පිටව ගොස් අනතුරුව සිද්ධිය මුල්කරගෙන ඉහත කී ප්‍රදේශයේදී නැවත ආරවුලක් ඇති කරගෙන ඇත.

එම ආරවුලට මරණකරු හා තුවාලකරු මැදිහත් වී ඇති අතර එහිදී ආරවුල ඇතිකරගත් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූවන් කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී තරුණයා මෙලෙස මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *