BREAKING NEWS
Search

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවසේ තැන්පත් කරන්න

797

තමන්ගේ මුල් කාලයට වැඩිය අවසාන කාලය පෙනෙන බවත් ගෙවල් ගොඩක් තිබ්බත් තමන් මැරුණු දවසට තමන්ගේ මිනිය පොළොන්නරුව ඇතුමල්පිටිය නිවසේ තැන්පත් කළ යුතු බවත් මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (09දා) පොළොන්නරුවේදී පැවසීය.

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඒ මහතාගේ ගමේ දායක විහාරස්ථානය ඇතුමල්පිටිය ශ්‍රී ශාක්‍ය සිංහරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත වාහල්කඩ සඳහා මුල් ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් දායක සභාව ආමන්ත්‍රණය කරමිනි.

එතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වාහල්කඩ ඉදිකිරීමට නියමිත වන අතර ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් වැය කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සිරිපාල ගම්ලත් මහතා ද එක්ව සිටියේය.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල




Leave a Reply

Your email address will not be published. Required fields are marked *