264
ඔහු ඒ රැකියාව කරන්න ඇත්තේ මොන තරම් නම් ආසාවකින්ද..? ඒ ගැන මේ කියන්නේ හරිම වෙනස් කතාවක්..

කාලයක් තිස්සේ ගුවන් නියමුවරයෙක් ලෙස සේවය කළ ඔහු මෙන්න මේ විදිහට තමන්ගේ රාජකාරී කටයුතු අවසන් කළ මොහොත හරිම සංවේදී අවස්ථාවක් වුණා…

හැමදාම හැමෝම තමන්ගේ රැකියාවට එන්නේ ආසාවෙන් උනන්දුවෙනද කියන එක ප්‍රශ්නාර්ථයක් වුණ කාලයක තමන්ගේ රැකියාව වෙනුවෙන් මේ තරම් ආදරය කරන මිනිසෙක්..? ඇත්තටම ඒ නිසාම මේ කතාව අපේ සමාජයට ගොඩක් වටිනවා..

ප්‍රවීණ ගුවන්නියමුවකු ලෙස දීර්ඝ කාලයක් ශ්‍රීලංකන් ගුවන්සේවයේ, සේවය කළ කපිතාන් ශිරාන් සිල්වා, පසුගිය දිනක මෙන්න මේ විදිහට තමන්ගේ වෘත්තීය ජීවිතයෙන් සමුගෙන තිබුණා..

තමන් මෙතෙක් කලක් කළ සේවාවට කෘතගුණ දැක්වීමක් ලෙස ඔහුගේ අවසන් ගුවන් ගමනේදී ඒ යානයට වඳිනවා… ඒ මොහොතේ මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණු ඡයාරූප කිහිපයක් මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ සැරි සරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *