BREAKING NEWS
Search

බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් පිරිසකට පහර දීමක් – පිරිස පාලනයට වෙඩි

347

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර තිබුණි.

බේරුවල ධීවර වරාය ආසන්නයේදී පිරිසක් ඊයේ රාත්‍රියේ ලොරි රථයක නැග මාර්ගයේ බෞද්ධ කොඩි එල්ලා විදුලි ආලෝකකරණ කටයුතු සිදුකරමින් සිට ඇත.

එම ස්ථානය අසලින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම පිරිසට පවසා ඇත්තේ, මාර්ගය අවහිර නොකර එම කටයුතු සිදුකරන ලෙසය.

එහිදී දෙපාර්ශ්වය අතර නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන්ට එම පිරිස පහරදී ඇති බවය.

ඒ අනුව පිරිස පාලනයට පොලිසිය අහසට වෙඩි තබා තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *