දිඹුලාගල ඇල්ලේවැවෙහි දිය නෑමට ගිය පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මිය අවාසනාවන්ත පුවතක් ඊයේ වාර්තා වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ සිට ඇල්ලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක්.
පෙරේදා උදෑසන පැමිණි ඔවුන් ගමන් මහන්සිය නිවා ගන්න දිය නෑමට ගොස් තිබුණා.
මෙලෙස මියගොස් ඇත්තේ රැෆ්ටන් වත්ත, බංගලාවත්ත රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි ලිහිණි පතිනිකා ද සිල්වා, කේ. මේනකා දර්ශනී, ගුනානන්ද වඩුගේ රුවන් තාරක ද සිල්වා, මල්ලිකා ආරච්චිගේ තිලෝකමා තිලකරත්න යන තිදෙනෙක්.
මියගිය අයවලුන් අතර මව සහ දියණියක්ද වන බව පොලිසිය පවසනවා.
ඇල්ලේවැව වැවෙහි දිය නෑමට ගිය අවස්ථාවේදී පිරිමි පුද්ගලයා පළමුව ගැඹුරු ස්ථානයේ ගිලීමත් සමග ඔහු බේරා ගැනීම සඳහා මෙම කාන්තාවන් තිදෙනා වැවට පැන ඇති අතර එහිදී ඔවුන්ද දියේ ගිලී ඇති බව මූලික පරීක්‍ෂණවලින් තහවුරු වී තිබෙනවා.


















