ඉදිකිරීමක් වෙනුවෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වලක් කපන අවස්ථාවේ අදාළ ගිනි අවි හා පතුරම් තොගය හමුවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ගෙහිමියා වවුනියාව පොලිසිය දැනුවත් කොට ඇති අතර, වවුනියාව පොලිසිය අදාළ ස්ථානය පරීක්ෂා කොට දිරාගිය ගිනි අවි දෙක හා පතුරම් තොගය පොලිසිය භාරයට ගත්තා.
මේවා පැවති යුද සමයේ කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් වල දමන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
ගිනි අවි දෙක හා පතුරම් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා



















