BREAKING NEWS
Search

පොලිසියට තග දැමූ රූපලාවන්‍ය ශිල්පිනියට සිදු වූ දේ

451

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කළ බව කියන රූපලාවණ්‍යාගාර ශිල්පිණියක ඊයේ අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.

වඳුරඹ පොලිසියට වාර්තා වූ පැමිණිල්ලක් මත සැකකරු ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිටින බවට වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගිය අවස්ථාවේදී සැකකාර කාන්තාව නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *