BREAKING NEWS
Search

වැවේ පාවෙමින් තිබූ මළ සිරුර ගොඩගන්න ගිය පුද්ගලයාත් මරුට

357

වාරියපොළ වැවක පාවෙමින් තිබූ මළ සිරුරක් පරීක්ෂා කිරීමට එම වැව මැදට පිහිනා ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව වාරියපොළ පොලීසිය පවසයි.

පසුව කරන ලද පරීක්ෂණවලදී නිරීක්ෂණය වී ඇත්තේ, පාවෙමින් තිබී ඇත්තේ නරක්වූ පුද්ගල මළ සිරුරක් බවය.

වාරියපොළ කළුගමුව මාර්ගයේ වාරියපොළ නගරයට ආසන්නයේ පිහිටි විලාකටුපොත වැවෙහි මෙම සිදුවීම සිදුව ඇත.

දියේ ගිලුණු පුද්ගලයා වැව මැදට පිහිනා ගොස් ඇත්තේ, එහි සිටි පොලිස් නිලධාරීන්ගේ උපදෙස් නොතකා බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පසුව මළ සිරුරු දෙකම පුත්තලම නාවික හමුදා සෙබළුන් විසින් ගොඩට ගෙනවිත් තිබේ.

වාරියපොළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර, වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *