BREAKING NEWS
Search

අඩු මිල අරක්කු හදන්න දුන්නැතැයි ඇමති හදුන්නෙත්තිගෙන් දොස්මුරයක්

143

රජයේ සීනි කර්මාන්තවලින් නිෂ්පාදනය කරන එතනෝල් යොදා ලාභදායි මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කළේ නම් අද ඇති වී තිබෙන ගැටලු ඇති නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මුදල් අමාත්‍යංශය එදා එය පිලි නොගත්තේ කුමන හේතුවක් නිසාදැයි අදටද තමන් නොදන්නා බවද ඒ මහතා පැවසුවේය.

මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘දවසකට ලීටර් දෙලක්‍ෂයක් විතර කසිප්පු කරිඤ්ඤං පාවිච්චි කරන ජනතාවක් ඉන්නේ.

දැන් මම මේ කියන්නේ කසිප්පු කරිඤ්ඤං පාවිච්චි කරන අයට අරක්කු පොවන්න හඳුන්නෙත්ති කිව්වා කියලා කියන්න නෙමෙයි.

ඒ මිනිස්සුන්ට පිළිකා හැදිලා වෙනත් අසනීප හැදුනාම රටෙන් කොච්චර සල්ලි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වියදං කරනවද අපි බදු ගෙවන ජනතාවගේ සල්ලි.

ඒක නිසා තමයි අපි කියන්නේ ඒ මිනිස්සුන් සම්පූර්ණ කරිඤ්ඤං වලින් කසිප්පු වලින් ගලව ගන්න පුළුවන් නම් හොඳයි. ඊට වඩා හොඳයි ප්‍රමිතියක් සහිත නිෂ්පාදනයක් හඳුන්වා දෙන එක.

ඒක මීට මාස අටකට කලින් මම කිව්වේ මීට මාස අටකට කලින් මුදල් අමාත්‍යංශයේ මහත්තුරු ඒක පිළිගත්තා නම් අද මේ ප්‍රශ්න මුකුත් නැහැ

මම දන්න හේතුවක් මට පේන්නේ නැහැ අහේතුව තමයි එකම දේ. ඒක නිසා තමයි අපි තීරණය කරන්නේ එතනෝල් ලබා දෙනවා නම් මීට පස්සේ අපි රුපියල් 800 තමයි ලීටරයක් දෙන්නේ’

Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *