BREAKING NEWS
Search

අනියම් පෙම්වතියගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් ගන්න කඩයට ගිය තරුණයාට තරු පෙනුන ස්ප්‍රයිස් එක

6662

සිය අනියම් පෙම්වතියගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට කඩයට පැමිණි තරුණයෙකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව අපූරු පුවතක් වාර්තා වෙනවා.

රජයේ රැකියාවක නිරත වන ඔහු දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති අතර මේ වන විට මාස 09 ක දරුවෙකුද ඔවුන්ට සිටිනවා.

මේ අතර තුර සිය රැකියා ස්ථානයට අලුතින් පැමිණි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගත් ඔහු ඇයට අවශ්‍ය දේ මිලට ගැනීමට වියදම් පවා සිදු කොට ඇත්තේ,තමා විවාහක බව ඇයට සඟවමින්.

මේ අතර පසුගියදා ඇගේ උපන් දිනය යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඇයට තෑග්ගක් මිලට ගැනීමට ඔහු නගරයේ වෙළඳ සැලකට පැමිණ තිබෙනවා.

උපන් දිනය දවසේදී පෙම්වතියට තෑග්ගක් ලබා දී ඇයව සතුටු කිරීමට සිතා කාටත් හොරෙන් වෙළඳ සැලට පැමිණි ඔහු පුදුම වී ඇත්තේ සිය පෙම්වතියද එම වෙළඳසැලේදීම හමුවීම නිසයි.

තමා සැමියා සමඟ එහි පැමිණි බව ඇය විසින් පවසා තිබෙනවා.

තමා විවාහ වී සිටින පෙම්වතා හඳුන්වා දීමේ අරමුණෙන් ඇයට එහිදී කතා කොට ඇති අතර,තරුණයාගේ දෙලොව රත් වී ඇත්තේ එම තරුණයා කවුරුන්ද යන්න දුටු විටයි.

ඒ අන් කවරෙකුත් නොව තමාගේ විවාහක බිරිඳගේ පෙර පෙම්වතා බව දුටු ඔහු කිසිවක් කරකියා ගත නොහැකිව සියල්ලම හෙළිකොට තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *