තායිලන්තයේදී සංක්‍රාන්තික කතගේ රහස් අවයවය අත ගෑ 54 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ගුටි

804
තායිලන්තයේ පතායා හී සෙනසුරාදා රාත්‍රියේදී ලාංකික සංචාරකයකු ප්‍රහාරයකට ලක් වී තිබෙනවා…
ඔහු එසේ ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් අනවශ්‍ය ලෙස ස්පර්ශය කිරීම නිසා බවයි වාර්තා වන්නේ…

ඔහු ඇගේ ලිංග භේදය තහවුරු කර ගැනීම සඳහා දෙවරක් ඇගේ ලිංගික අවයවය ස්පර්ශ කර තිබෙනවා..

එසේ සිදු කිරීමේදී ඇගේ සේවා මිල වූ බාත් දෙදහක් ගෙවිය යුතු වුවත් , ශ්‍රී ලාංකික සංචාරකයා විසින් එය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා…

එම අවස්ථාවේදී සංක්‍රාන්තික ලිංගික කාන්තාව විසින් අඩි උස සපත්තුවකින් ඔහුගේ හිසට හතර පස් වතාවක් පහර දී තිබෙනවා..

චෝදනා එල්ල වූ ප්‍රහාරකයා, වයස අවුරුදු 29 ක් වන මින්ට්‍රාන් බුරාන් ලෙස හඳුනාගෙන ඇති සංක්‍රාන්ති කාන්තාවක්…. එම සිදුවීම ගැන ඇය කියන්නේ මෙන්න මෙහෙම කතාවක්…

“මම එයාට එක පාරක් අල්ලන්න දුන්නා. නමුත් එයා ආයෙත් සල්ලි නොදී මාව අල්ලපු වෙලාවේ, මම කලබල වුණා, ඒ වගේම ආරවුලක් ඇති වුණා,” මින්ට්‍රාන් කිව්වා.

“මම එයාගේ කමිසයේ කරපටියෙන් අල්ලගත්තා, එයා මගේ එක ඇද්දා, ඒකෙන් මගේ පපුවේ සීරීමක් ඇති වුණා. මම තරහ ගිහින් අඩි උස සපත්තුවකින් එයාගේ ඔළුවට හතර පස් වතාවක් ගැහුවා.”

පොලිසිය පැමිණෙන අවස්ථාවේදීත් ඔහුගේ හිසෙන් ලේ ගලමින් තිබුණු බවයි දෙස් මාධ්‍ය වාර්තා කළේ…

එම ශ්‍රී ලාංකික සංචාරකයා පනස් හතර හැවිරිදි පුද්ගලයකු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *