BREAKING NEWS
Search

වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බන්දුල පෙතියා ගැන ගත් තීරණය

82

වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ‘බන්දුල පෙතියා’ මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, හෙටට (2) යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

මෙරටට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන මෙම බන්දුල පෙතියා හමුවන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණි.

ඒ අනුව හෙට (2) දහවල් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ගලපිටමඩ ප්‍රදේශයේ දී ඊට අදාළ වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි.

මෙහිදී බන්දුල පෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්‍රදේශයේ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්, බන්දුල පෙතියා වෙසෙන ජලාශ ආශ්‍රිත රුක්රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *