BREAKING NEWS
Search

චිකුන්ගුන්යා හැදුණු ඇයට ඇත්තටම මොකද වුණේ? සමාජ මාධ්‍ය කැළඹූ සටහන…

478
චිකුන්ගුන්යා රෝගයෙන් පීඩා විදි කාන්තාවක් ඖෂධ ලබා ගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් සම්බන්ධයෙන් සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණය වනවා.
එහි සඳහන් වන්නේ රෝහලේදී ඇයට ලබා දුන් ඖෂධ වර්ගයක් ආසාත්මික වීමෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් දිවයින චිකුන්ගුන්යා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින අතර චිකුන්ගුන්යා හැදුණු දරුවන්ගේ වැඩිවීමක් ද දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

“ඒ නිසා චිකන්ගුන්යා හදාගන්න එපා. හැදුණොත් විඳවන්න වෙනවා මාස ගාණක්. මේ තත්ත්වයෙන් මිදෙන්න තමන්ගේ ගෙවල් දොරවල්, පාසල් පරිශ්‍ර නිතර සුද්ද කර ගැනීම ඉතා වැදගත්…” යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ දිනවල චිකන්ගුන්‍යා වැලඳුණු දරුවන් නිරතුරුව ප්‍රතිකාර සඳහා ළමා රෝහලට පැමිණෙන බවයි ඔහු සදහන් කරන්නේ.

“දරුවකුට දින 2 කට වඩා උණ තිබීම, නාසය උඩ කළුපැහැ වීම, හන්දිපත් රුදාව වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවාව වෛද්‍යවරයකු වෙත රැගෙන යන්න. ඊඩිස් මදුරුවාගෙන් තමයි මේක බෝවෙන්නේ. හන්දිපත් රුදාව මාස ගාණක් තියෙනවා. ඒ නිසා දරුවන්ට වගේම වැඩිහිටියන්ට කියන්නේ චිකන්ගුන්යා හදාගන්න නම් එපා කියලයි.” ඔහු සදහන් කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *