ප්‍රවීණ රංගන ශිල්පි ජයසේකර අපොන්සු සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක්කර තිබුණා.
ඒ, ප්‍රවීණ රංගන ශිල්පිනි ශ්‍රියාණි අමරසේන පිළිබඳව…
එතකොට මම නුවරඑළියේ ඉස්කෝලේ යනවා. මම ඉස්කෝලේ යනවා කිවුවේ ඇයත් පාසැල් වියේ තමයි.
ශ්‍රේෂ්ටතම රංගධරිය…
ඇය සහ ඔස්වල්ඩ් ජයසිංහ, වොලිනානායක්කාර, එච් ආර්.ජෝති පාල රඟපෑ මේ චිත්‍රපටයේ මම ‘පිලා’ කියලා මෝඩ හද්දා කම්මැළි චරිතයක් රඟපෑවේ.
මගේ කලා ජීවිතේදි මගේ ගමන් මාර්ගයේ ඉදිරියට යෑමට වචනයෙන් ක්‍රියාවෙන් දිරිය දුන්නා ඇය..
ඒ වගේම සිනමා පුවත්පත්වලින් ඇගේ දයාබර සැමියා ශ්‍රේෂ්ට පුවත්පත් කතෘතුමා ආතර් යු අමරසේන මැතිඳු මට දුන් දිරිය මිල කරන්න බෑ.
පෙති ගෝමර, සුබෝධා, රිදිතැල්ල වගේ චිත්‍රපටවල ඇය සමග රඟපෑවා. ටෙලිනාට්‍යයවලත් රඟපෑවා.
රංගනයට අතිදක්ෂ ඇය නිර්මාණය කරන්නත් දක්ෂයි. ලියන්නත් අති දක්ෂයි.
ආතර් යු අමරසේන මැතිඳුගේ කතාවට දෙබස් තිර නාටකය ඇය අපූරුවට ලිවුවා. ඒ චිත්‍රපටය තමයි රිදී තැල්ල.
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා (පොඩිඩේ)
පොඩ්ඩේගේ හිතවතා බොකුටා ලෙස මට අපූරු චරිතයක් ඇය ලියලා.
නැඟී එන නලුවෙක් වශයෙන් මට ඒ කාලේ බොකුටා අතිවිශාල දිරියක්, මිල කළ නොහැකි..
කුලියට ගෙයක් ගන්න කීමනී දෙන්න සල්ලි නැතුව ඉද්දි ඇය දුන්න මුදල් දිරිය…
රිදී තැල්ල චිත්‍රපටය රාජ්‍යය ලේඛණාගාරයෙන් සංරක්ෂණයට අරන්.
විශේෂ දර්ශන දෙකක් ඊයේ ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී 2;30/6;00ට තිරගත කරනවා ජයේ එන්න කියලා ශ්‍රියාණි අක්කා මට ආරාධනා කළා.
මම ගියා. මොකද ඒ තරම් අපූරු චිත්‍රපටයක්..
රවින්ද්‍ර රන්දෙණිය මරුවට සියුම් හැඟීම් නිරූපණයක් කරනවා. තමන්ගේ පුතා බව නොදැන පොඩිඩේට වෙඩි තියලා ඔහු මියගිය මොහොතේ රවින්ද්‍රගේ ඇස්වලට කඳුලු පිරෙද්දි ඊයේ මගේ ඇස් දෙකටත් කඳුලු පිරුණා.
රාජ්‍යය ලේඛණාගාරයේ රක්ෂණය අති උතුම් දෙයක්. ප්‍රොජෙක්ටර් අභාවයට යන්න නොදී දළසේයාපට ආරක්ෂා කරනවා නම් ඩිජිටල් එකටත් වඩා වටිනවා කියලයි මම විශ්වාස කරන්නෙ.
මොකද මීට සුලු කාලයකට ඉහතදී රිදී තැල්ල තරංගනී ශාලාවේදී නරඹද්දි, දෙබස් රූප පැහැදිලිව ඇසුණා.. පෙනුනා…
ඉතින් ශ්‍රියාණි අමරසේන, ආතර් යු අමරසේන ශ්‍රේෂ්ට යුවලට නිරෝගි බව.. දීර්ඝායුෂ.. සතුට.. ජය”
ජයසේකර අපොන්සු මෙලෙස තබන ලද සටහනට, ශ්‍රියාණි අමරසේනයන් දැක්වූ ප්‍රතිචාරයයි මේ…
”මුලින්ම බොහොම ස්තූතියි ජයෙ (ජයසේකර අපොන්සු) රිදී තැල්ල චිත්‍රපටය ගැන මතකය අවදි කළාට.
ඊයෙ රිදී තැල්ල යළි නරඹන විට ඔබට වාගේම මටත් අතීතය සිහිපත් වුණා.
නළු නිළි කාර්මික ශිල්පීන් බොහෝදෙනෙක් දැන් අප අතර නැහැ.
ඔවුන්ගේ දායකත්වයත් ඔබේ හැඟීම් සමඟ කළ සටහනත් මා අගය කරනවා.
අපට ඇත්තේ සිහිවටන පමණයි.
ඔබේ දක්ෂතා, හැකියාව ඉදිරියේදී දැකගන්න ආසයි….”
ඡායාරූප සහ උපුටාගැනීම : Jayasekara Aponsu ෆේස්බුක් පිටුවෙන්
















