BREAKING NEWS
Search

පාසල් 18කට රතු නිවේදන නිකුත් කෙරේ

5558

පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන යටතේ පාසල් 18කට රතු නිවේදන නිකුත් කළ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (30) පැවති මාධ්‍ය හමුවකදී, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මේ බව හෙළි කළාය.

එහිදී පාසල් 257ක් පරීක්ෂා කළ අතර, මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇති පාසල් 131ක් හඳුනාගත් බවත්, එය 51%ක ප්‍රතිශතයක් බවත් වෛද්‍යවරිය පැවසුවාය. තවද, මදුරු කීටයින් සිටින පාසල් 37ක් හඳුනාගත් බවත්, එය 14.4%ක ප්‍රතිශතයක් බවත් ඇය සඳහන් කළාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව, පසුගිය මැයි 19 සිට 24 දක්වා දිස්ත්‍රික්ක 15ක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළ විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *