ලංකාවේ බොහෝ දෙනෙක්ට තවමත් ඒ අඳුරු මතකය හොඳින්ම මතක ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක විශේෂ කතාවක්..
නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයා බැලීම සදහා රට පුරා පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා…
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ..
එමෙන්ම ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ..


















