ඔහුගේ හඩ ප්‍රේමණීයයි. ඒ නිසා රොමේෂ් සුගතපාල කියන ගායකයාගේ හඩට බොහෝ දෙනා ඇළුම් කරනවා.
මෙවර එකතු වුණේ හැමෝම ආදරය කරන රොමේෂ් සුගතපාල….
ඔව්…මම රාමුවෙන් පිට තමයි…
ඇත්තටම මෙතනට එන්න මම පුදුම විදිහට දුක් වින්දා. පුදුම කට්ටක් කෑවා. 2003 “වසන්තයේ සිත සැළුණා ගීතයෙන් ඇරඹුණු ගමන තමයි මේ.
ඔව්නේ… මටත් සමහරු කිව්වනේ මල් සින්දු කියනවා කියලා. එහෙම මම “මල් සින්දු කියලත් නෑ. සමහරු ඔය විරහ ගීතයක් ගායනා කළාම කියන්නේ මල් සින්දු කියනවා කියලයි. ඒක හරි වැරදියි. එහෙම කියනවනම් මිල්ටන් මල්ලවආරච්චි කොච්චර විරහ ගීත ගැයූ ගායකයෙක්ද? ඉතින් මම “මල්” ගීතකාරයෙක් නෙමේ.
ඔබගේ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු කොහොමද?
ඉතාම කාර්යබහුලයි. අපේ සංගීත කණ්ඩායමේ නම “Tunes” මංගල සාදවලට ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා. සංගීත කණ්ඩායම නිසා මගේ ආර්ථික පසුබිම ඉතා හොඳ මට්ටමට පත් වුණා. සංගීත කණ්ඩායමේ සාමාජිකයන් මා ඇතුළුව හත්දෙනෙක් ඉන්නවා. ඔවුන් ඉතා දක්ෂයි. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතා උනන්දුවෙන් අපි හැමෝම වැඩ කරනවා.
රොමේෂ් කොහොමද දැන් ඔයාගෙයි ඔමාලිගෙයි ජීවිතේ?
අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා. කලාකරුවෙකු වුණාම හොඳ පවුල් ජීවිතයක් තිබිය යුතුයි. සාර්ථක මනුස්සයෙක්ට සාර්ථක පවුල් ජීවිතයක් තියෙන්න ඕනේ. ඔමාලි මුලදී රැකියාවක් කළා. දැන් රැකියාවක් කරන්නෙ නෑ. පුතාගේ නම චෙනිත ලිමත්. මගේ කොලු පැටියා ළඟ දාංගලයකුත් කියෙනවා. කොල්ලෙක් වුණාම එහෙම දඟලන්නත් ඕනෙනෙ. එයත් මියුසික් වලට හරි කැමතියි. මම ස්ටුඩියෝ එකේ වැඩ කරද්දි ඇවිත් බලාගෙන ඉන්නවා. සමහර ඒවා එයාට කටපාඩම්.
ඔමාලියි රොමේෂුයි එකතුවෙලා සින්දුවක් කළානේ. අායේ දෙන්නා එකතුවෙලා සින්දුවක් එහෙම කරන්නේ නැද්ද?
අපි දෙන්නා පුතා හම්බෙන්න කලින් “තරු පොදි” කියලා සින්දුවක් කළානේ. ඊට පස්සෙනම් අපි ආයෙත් සින්දුවක් කරන්න උත්සාහ කළේ නෑ. පුතාගේ වැඩත් එක්ක ඒක ටික ටික පස්සට ගියා. බලමු නේද… ඉස්සරහට තවත් නිර්මාණයක් එහෙම කරන්න.
Hiru Gossip



















