අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින වූ මාලනි ෆොන්සේකා මහත්මියට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධව (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානයට ලක්විය.
ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ යුතු කටයුතුවලදී ලබාදිය යුතුයම් පහසුකම්ද සහිතව. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයකදී ලබාදිය යුතු දේවලුත් ඇතුළත් කරලා තමයි අපි මේ කටයුතු සිදුකළේ. ඊටත් වඩා මෙතනදි වැදගත් වෙන්නේ මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත අකමැත්ත. ඒ අයත් සමග සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. වෙන ක්‍රමවේදයන් ඔස්සේ පමණක්ම නෙමෙයි අපි මේ ක්‍රමවේද ඉදිරිපත් කරලා කැමැත්ත අකමැත්ත විමසලා බැලුවා. ඒ අයගේ කැමැත්ත අකමැත්ත මත තමයි සමහර දේවල් අපි කළේ…
ඒ නිසා මම හිතනවා රජයක් හැටියට ඇයට ලබා දිය හැකි ඉහළම ගෞරවය පවුලේ කැමැත්ත අනුව අපි ලබා දුන්නා. ඒ අය මේකෙන් සෑහීමකට පත්වෙනවා…“
මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී මාලනී ෆොන්සේකා මහත්මියට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.
“මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තොරතුරු. එතන මිලියන 1,220ක් සම්බන්ධයෙන් ඒ තොරතුරු. එතන කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දිමු ජයරත්න, දයාසිරි ජයසේකර, ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තමයි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.
ප්‍රශ්නය – ගොඩක් අධ්‍යක්ෂවරු පවා දුක හිතිලා හිටියේ සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් ඔබතුමා තාමත් සමාව ගන්නවත්, කණගාටුව පළ කරන්නවත් මැලිවෙනවා ?
“මම හිතන්නේ මේක විකෘති කරලා පසුගිය දවස් කීපයේ තමයි මේක වාර්තා කරලා තිබුණේ. අපි ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඉතිං තව කලාකරුවන්ට ලබා දීලා තියෙනවා, ලබා දෙන්න පුළුවන්. කලාකරුවන්ට ලබා දුන් වාර්තාවක් අපි ඉදිරිපත් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් අපිට නිසි ගෞරවය තියෙනවා. සිනමාවට කරන ලද ඉතා ඉහළ කැප කිරීම සම්බන්ධව රටක් විදිහට අපේ ඇගයීමක් තියෙනවා…..”
Asian Mirror




















