හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි.
1947 වසරේ අප්‍රේල් මස 30 වැනිදා උපත ලැබූ ඇය දශක 06කට ආසන්න කාලයක් තම විශිෂ්ට රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළ අතර ඇය මෙරට සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමටද සමත් වූවාය.
එම සටහන පහතින්,
අවමඟුල් අවස්ථාවක් කියලා බලන්නේ නැහැ සමහරු ඇවිත් සෙල්ෆි ගන්නවා.ගන්න එපා කිව්වොත් ආඩම්බරයි කියලා බනිනවා.ගත්තොත් මලගෙවල්වල හැසිරෙන්න දන්නේ නැහැ කියලා බනිනවා.
මොකද කරන්නේ ???



















